Sunday, January 11, 2015

සුර ගීයයි බිළිඳු හඬයි

සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේ 
සුළං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේ 
රිදී සීනු හඬ පරදන ගීත ඇසෙන්නේ 
කවුද මේ රෑ කන්කළු ගීතිකා ගයන්නේ 

සුසිත් දනන්හට සාමය රැඳී දිනේවා 
ලොව සව්සතහට සාමය රැඳී දිනේවා
මෙසේ දේවදූතයෝ සිරි ගීත ගැයූවා 
බිළීඳු දෙවිඳු දිළිඳු පැලේ ලොව බිහිවූවා 

ගොපළුන් සුසිරය ගෙන තාලයට පිඹිනවා 
බැටළුන් කරපින්නාගෙන ඒ දෙස එනවා 
සුර දුතු කැළ කියූ බිළිඳු නොවෙද අසනවා 
බිළිඳුන් දුටු සැණින් වැටී වැඳ අයදිනවා

No comments:

Post a Comment