Sunday, January 11, 2015

දොයි දොයි පුතුනේ

දොයි දොයි පුතුනේ
බයි බයි පුතුනේ...//

පවින් අඳුරු ලොව එළිය වුනාවේ
පාප බරින් මිනිසුන් මිදුනාවේ...//
මගෙ පුතු ලෝකෙට එළිය ගෙනාවේ...//
මිනිසුන් මිනිසත් බව ලැබුවාවේ

දෙවිඳු ආදරේ ලොවට ගෙනාවේ
ආදරයෙන් නව ලොව මැවුනාවේ...//
මගෙ පුතු ලෝකෙට එළිය ගෙනාවේ...//
මිනිසුන් මිනිසත් බව ලැබුවාවේ

ආදරයෙන් සිත ඔකඳ වුනාවේ
රන්කිරි බී මගෙ පුතු වැඩුනාවේ...//
මගෙ පුතු ලෝකෙට එළිය ගෙනාවේ...//
මිනිසුන් මිනිසත් බව ලැබුවාවේ

No comments:

Post a Comment