Saturday, January 17, 2015

වචනයේ දාසියයි මරි මවේ

වචනයේ දාසියයි මරි මවේ
සම්මතය හැර දැමූ ලඳ ඔබයි
අසම්මත වූ දේව සැලසුම
වටහා ගත් කන්‍යා

තැනට බලයට දාසියක් නොවී
එසේ සැමගෙන් දෙව්බවින් පිරී
අළුත් මැවිල්ලක කැඩපත වූ
විශ්වයෙ මව අම්මා
අම්මා අම්මා විශ්වයෙ මව අම්මා

කැපවී වැයවී දෙව් කැමැත්ත සොයා
වචනය තෙම වූ සත්‍ය කුස දැරුවා
කඩු හතකින් හද සිදුරු කරන්නට
ඉඩ දුන් ලඳ අම්මා
අම්මා අම්මා ඉඩ දුන් ලඳ අම්මා

මරිමව් විලසින් සුදතුන් මග සොයමු
දෙව් කැමත්තට සැමවිට හිස නමමු
ඔබ ගිය මඟ අප මඟවෙන දවසේ
අපිත් ඔබේ දරුවෝ
අම්මා අම්මා ඔබයි අපේ අම්මා

No comments:

Post a Comment