Saturday, January 17, 2015

අම්මා පුදන්නයි දරු අප එන්නේ

ලස්සන තුරු ලිය පවනෙ ලෙලෙන්නේ 
සැම දෙස කුසුමින් හිනැහි බලන්නේ 
දරු කැළ මල් ගෙන මව වෙතැ එන්නේ 
අම්මා පුදන්නයි දරු අප එන්නේ...//

මඳ නල දස අත ගත පිනවන්නේ 
අම්මගෙ ආදරෙ අපට කියන්නේ 
දරු කැළ බැතියෙන් හද ඔසවන්නේ 
අම්මා පුදන්නයි දරු අප එන්නේ...//

සුසුදු නිමල මව් සරණෙ පතන්නේ 
ඔබ දරු දැරියන් රකින්න පෙමිනේ 
දින දින දෙව් පෙම වඩමින් සොඳිනේ 
අම්මා පුදන්නයි දරු අප එන්නේ...//

සුර මව් කුමරිය ආදර මව්නී 
දරු කැළ වෙනුවෙන් යදින්නැ රැජිණී 
ඔබ පුතු දින දුන් සගපුර පැමිණී
දෙවිඳු දකින්නයි දරු අප එන්නේ...//

No comments:

Post a Comment